Event Overview
වෘත්තියක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන සහ විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන අය සඳහා අසීමාන්තික ඡායාරූපකරණයේ නිර්මාණාත්මක ශෛලීන් සහ නවතම ඡායාරූප ප්‍රභේද පිළිබඳ දැනුම්වත් කරන මෙම සැසිය ඔබේ ඡායාරූපකරණය නව අදහස් සමග වෙනත් සහ වෙනස් මානයක් වෙත ගෙන යමින් ආශ්වාදයක්ද ලබා දෙනු ඇති.
නිර්මාණ අධ්යක්ෂ සහ “වෘත්තිය ඡායාරූපකරණය” ග්‍රන්ථයේ කර්තෘ ආනන්ද ජාගොඩ මෙහෙයවන මෙය ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් ඉදිරිපත් කෙරෙන නවතම වැඩසටහනක්,
ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා, උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ, දේශනශාලා අංක 01 හිදී පැවැත්වෙන අතර සංගමයේ සාමාජිකයන්ට නොමිලේ සහ සාමාජිකයන් නොවන අයගෙන් රු,500/-ක මුදලක් අය කෙරේ.
ආසන ඇත්තේ සීමා සහිත ප්‍රමාණයක් බැවින් වැඩමුළුවට සහභාගි වීමට අදහස් කරන අය මෙම ගූගල් ෆෝරමය පුරවා ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
https://forms.gle/rJ1HiEbcJkeFvGzZ8
ඡායාරූපකරණයේ නව්‍යකරණයට සහ යාවත්කාලීනයට ලැදි ඔබ සැමට ආරාධනා!
විස්තර සඳහා : Denzil 077 778 7305